Saturday, July 6, 2013

Udupohona Purana Viharaya




ගාල්ල දිස්ත‍්‍රික්කයේ තල්පේ පත්තුවේ හීනටිගල ගමෙහි සුන්දර කදුගැටයක් මුදුනෙහි  පිහිටා ඇති මෙම විහාරස්ථානය 1827 වසරේ හීනටිගල ධම්මතිලක ස්වාමින් වහන්සේ විසින් ආරම්භකරන ලදි.  ඉන් පසුව එහි විහාරාපති ධුරය පේ රතනසාර හියන් හට පැවරුණු අතර ඉන් පසු මිදිගම ශ‍්‍රී පේමානන්දාභිධාන මහා ස්වාමිපාදයානන් වහන්සේ විහාරාපති ධූරය හොබවන කාලය මෙම විහාරස්ථානයේ ස්ර්වණමය යුගය ලෙස හැඳින්විය හැකිය. සමකාලීන වැඩවිසූ මීපේ සිරිසුමන හිමිවරුන්ගෙන් පසුව විහාරාධිපති ධූරයට කම්බුස්සාවල බුද්ධදත්ත හිමියන් පත්වන අතර උන්වහන්සේ හදිසියේ අපවත් වීමෙන් පසු වර්ථමානයේ විහාරාධිපති ධූරය උණවටුන මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශ‍්‍රාස්ත‍්‍රපති කැටියපේ ඉන්දසුමන හිමියන් හෙබවයි. මෙම විහාරස්ථානයට අයත් බෝදරගනේ පුරණ මහා විහාරය, මීපේ පියදස්ස්‍යාරාමය, පැදින්නෝරුව දොලගාව පුරාණ විහාරය, හියාරේ අස්වත්තාරාමය යන විහාරස්ථානයන්ද ඉන්දසුමන හිමියන් යටතේ පාලනය වේ.

 

දැනට මෙම විහාරස්ථානය සතුව පිරිවෙණක්,දහම් පාසලක්, පෙර පාසලක් දායක සභාවක් සීල සමිතියක්, කුලගන සමිතියක් හා තරුණ බෞද්ධ සංගමයක් ක‍්‍රියාත්මක වේ. සෑම පුරපසලොස්වක පොහොය දිනකම සීල භාවනා වැඩසටහන් ක‍්‍රියාත්මක වන අතර ප‍්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ සියළු ආගමික කටයුතු මෙම විහාරස්ථානයෙන් සිදුවේ.